2026 අගෝස්තු 05 වන දින වලව, අවිස්සාවේල්ල පොලිස් වසමේ උක්වත්ත ප්රදේශයේදී සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත. එහිදී බලපත්ර නොමැතිව තෝන්තු මද්යපාර මදක ගුලි 1050 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 22 ක් වන අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අවිස්සාවේල්ල පොලිසිය විසින් සිදු කරනු ලබයි.













