• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දීපවාලී උත්සව දිනය සැමරිය යුතු ආකාරය පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුවත් කිරීමක්

12 November 2020
in දේශීය

මෙවර දීපවාලී උත්සවය සැමරීමේ දී වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් එම උත්සවය සැමරිය යුතු ආකාරය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශයන් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව රටේ පවතින කොවිඩ් -19 වෛරස තත්ත්වයද සමග ලබන නොවැම්බර් මස 14 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය සමරනආකාරය පහත සදහන් පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සහ උපදෙස් මත සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හින්දු ජනතාවගෙන් ඉල්ලා සිටි.

අදාළ නිර්දේශයන් වන්නේ ,

මෙම දීපවාලී උත්සව සමයේ දී යහපත් හැඟීම් රඳවා තබා ගැනීමටත්, උත්සව සමය තුළ එක් හින්දු භක්තිකයෙකුට වත් වෛරසය ආසාදනය නොවීමට වගබලා ගත යුතුය.
ජනතාව එක්රැස් නොවී දැනට සිටින ස්ථාන වලම රැඳී සිටිය යුතුය. කොළඹ, ගම්පහ, කළුතර වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශවලින් ඔබේ ගමේ සිටින ආදරණීයයන්ට ආසාදනය පැතිරවීමෙන් වැළකී සිටිය යුතුය.

දුර ගමන් නොගොස් නිවසේ රැදී සිටිමින් දීපවාලී උත්සවය සැමරිය යුතුය.

පවුලේ සාමාජිකයින්ට, මිතුරන්ට සහ නෑදෑයින්ට දුරකථනයෙන් අමතා සුබ පැතීමට කටයුතු කළ යුතුය.

කෝවිල්වල, ප්‍රජාවන්හි හෝ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපැවැත්විය යුතුයි.

වහා ගිණි ඇවිලෙන සුළු ඇල්කොහොල් සහිත දෑත් සනීපාරක්ෂක දියර භාවිත කරමින් ආලෝක ලාම්පු දැල්වීම නොකරන්න. ආගමික කටයුතුවලට පෙර සහ පසු අත් සබන් හා ජලය යොදා සෝදන්න.

අතට අත දීමෙන් සහ වැළැදගැනීමෙන් තොරව “ආයුබෝවන් / වනක්කම්” යැයි කියමින් හෝ වෙනත් ආකාරයකින් ආචාර කිරීම සුදුසුය.

මෙම උත්සව සමයේදී මත්පැන් හා දුම්වැටි භාවිත කරමින් සාද නොපැවැත්විය යුතුය.

මෙම දීපවාලි උත්සව සමයේ දී සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් COVID පැතිරීම වැළැක්වීමට සහාය වන ලෙසත්, වගකීමෙන් හා ආරක්ෂිතව ක්‍රියා කිරීමෙන්! මෙම දීපවාලි උත්සවය නව ආකාරයකින් සමරමු! යනුවෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි

 

Post Views: 8
Previous Post

අනවසරයෙන් වගා කටයුතු කළ ගොවින්ට ස්ථිර වගාබීම් ලබා දෙනවා – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

Next Post

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කෙරේ

editor

editor

Next Post

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved