27 April 2024
#සංවර්ධන

බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණි ගත කෙරේ

ශ්‍රී ලංකා ජනරජයේ රුපියල් බිලියන 2.26 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය සඳහා වූ දස මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අද (26) උදෑසන බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදි සිදු කලේය.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයේ ඉදිකිරිම් කටයුතු වසර දෙකක් ඇතුලත එනම් 2025 වසරේ දෙසැම්බර් මස වන විට නිම කිරීමට නියමිතව ඇත. මෙහි ඉදිරිකිරිම් කටයුතු CECB ආයතනයෙන් සිදු කරනු ලබයි.

කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය ළමා රෝග වෛද්‍ය, ප්‍රසව හා නාරිවේද සහ මනෝ වෛද්‍ය විශේෂඥ අංශ මහාචාර්ය ඒකකයේ ස්ථාපිත කර වෛද්‍ය පාඨමාලා කටයුතු සඳහා ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් අනුයුක්ත කිරීමට රජය මේ වන විට සැලසුම් කර ඇත.

මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ පූර්ණ ආශිර්වාදය මත වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද කුමාර, ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) දිනිප්‍රිය හේරත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අජිත් මෙන්ඩිස්, බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න, ඌව විශ්ව විද්‍යාලයේ කුලපති විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *