බදුල්ල, තැන්නකුඹුර මාර්ගයේ වැලිහිඳ ප්‍රදේශයේදී ඊයේ (16) සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් කාන්තාවක් මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක රියැදුරුට එහි වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී තිබේ. අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු සහ එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු වහාම බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් කාන්තාවක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මියගිය කාන්තාව බදුල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි තැනැත්තියකි. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















