බෙල්ලන්විල ඇවිදින මංතීරු පිවිසුම අසල පිහිටි ආපන ශාලාවක් ඉදිරිපිටදී ඊයේ (25) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි තැබීම සිදුකළ බවට සැකකෙರುವ තැනැත්තා සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයාය.
ප්‍රධාන සැකකරු ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පලාගිය අයෙකු (Deserter) වන අතර, මින්නේරිය හමුදා කඳවුරෙන් ගිනිඅවි සොරකම් කිරීමේ සිද්ධියකටද සම්බන්ධ සැකකරුවෙකි.
ඊයේ රාත්‍රී 7.45 පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි ආපන ශාලා හිමියා කළුබෝවිළ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කොස් මල්ලි” නැමැත්තාගේ නෑදෑයෙකු වන අතර, ප්‍රතිවාදී අපරාධ කණ්ඩායමක් විසින් මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇති බව පොලිසිය සැක කරයි.
බොරලැස්ගමුව පොලිසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එක්ව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.













