කිසිදු බලපත්‍රයක් නොමැතිව බගවන්තලාව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරීමේ නිරත වූ සැකකරුවන් 7 දෙනෙකු, ඊයේ (25) පස්වරුවේ මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ රැසක් සමඟ පොලිස් භාරයට ගෙන තිබේ. බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට පත් වී ඇති සැකකරුවන් සියලු දෙනා බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, ඔවුන් අතරින් කිහිප දෙනෙකු මීට පෙරද අනවසර මැණික් ගැරීමේ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබූවන් බව පොලිසිය තහවුරු කර තිබේ. සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඔවුන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට නියමිතය.
















