බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වත්තේ සිංගාර කොටසේ තේ වත්තේ සැරිසරන කඳුකර කොටියෙකු පිළිබඳව වතු කම්කරුවෙකු විසින් ඡායාරූප සහිතව බගවන්තලාව පොලිසිය වෙත ඊයේ (09) පැමිණිල්ලක් කර තිබේ. මෙම කඳුකර කොටියා ගොදුරු සොයා වතු නිවාස ආසන්නයට දිනපතා පැමිණෙන බවත්, වතු කම්කරුවන්ට අනතුරක් වීමට ප්‍රථම වනජීවී නිලධාරීන් දැනුවත් කර අදාළ සතා බෝපත්තලාව රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කරන ලෙසත් අදාළ කම්කරුවා පොලිසියෙන් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් මධුසංඛ මහතා පවසා තිබේ.














