තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (10) නුවරඑළිය, හග්ගල පිහිටි සීතා අම්මාන් කෝවිල වෙත පැමිණ විශේෂ ආශීර්වාද පූජාවකට සහභාගී වී තිබේ. කොළඹ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Mi-17 හෙලිකොප්ටර් යානයකින් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණය වෙත ළඟා වූ අමාත්‍යවරයාව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා විසින් පිළිගනු ලැබ ඇත.
අනතුරුව ත්‍රිවිධ හමුදාවේ දැඩි ආරක්ෂාව යටතේ කෝවිල වෙත පැමිණි ආරක්ෂක අමාත්‍යවරයාව, කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා ඇතුළු භාරකාර මණ්ඩලය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ඇති අතර, එහිදී අමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ ආශීර්වාද පූජාවක් පවත්වා තිබේ.














