බගවන්තලාවේ කර්කස්වෝල් වතුයායේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (14) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
ගසක බැඳ තිබූ බඹර වදයකට උකුස්සෙකු පහර දී එය කඩාගෙන යාම හේතුවෙන් ඇවිස්සුණු බඹරුන් මෙලෙස තමන්ට ප්‍රහාර එල්ල කළ බව තුවාල ලැබූ කාන්තාවන් පවසා තිබේ.














