ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයෙකු වන බයිරාහා ෆාම්ස් පීඑල්සී (Bairaha Farms PLC), “Keells Partner Power 2026” සැපයුම්කරුවන්ගේ සම්මුතියේදී 2025/26 වසර සඳහා වන “හොඳම කාර්යසාධනය – ප්ලැටිනම් කාණ්ඩය” (Best Performance – Platinum Tier) සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ. කීල්ස් සුපිරි වෙළඳසැල් ජාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම උළෙල, මෙරට සිල්ලර වෙළඳ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට සුවිශේෂී දායකත්වයක් දක්වන සැපයුම්කරුවන් ඇගයීම සඳහා පවත්වනු ලබන්නකි.
බයිරාහා සමාගම මෙම ඉහළම ඇගයීමට පාත්‍ර වූයේ ඔවුන්ගේ “නැවුම් බව සහ ගුණාත්මකභාවය ප්‍රමුඛයි” යන ප්‍රතිපත්තිය තහවුරු කරමින්, පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන සැපයීම හේතුවෙනි. විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාව සහ නැවුම් බව සම්බන්ධයෙන් කීල්ස් ආයතනය පනවා ඇති දැඩි ප්‍රමිතීන්ට අනුකූල වෙමින්, සංකීර්ණ වෙළඳපොළ තත්ත්වයන් යටතේ වුවද සිය සැපයුම් ජාලය ඉතා කාර්යක්ෂමව පවත්වා ගැනීමට බයිරාහා කණ්ඩායම සමත්ව ඇත.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් බයිරාහා ෆාම්ස් විධායක අධ්‍යක්ෂ රියාල් යාකූබ් මහතා ප්‍රකාශ කළේ, ප්ලැටිනම් මට්ටමේ ඇගයීමකට ලක්වීම මුළු කණ්ඩායමේම කැපවීම අගය කිරීමක් බවත්, එය කර්මාන්තයේ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට තවදුරටත් ශක්තියක් වන බවත්ය. ISO 22000, HACCP සහ GMP වැනි ජාත්‍යන්තර සහතිකවලින් ද පිදුම් ලබා ඇති බයිරාහා සමාගම, මෙරට නවීන වෙළඳ ක්ෂේත්‍රයේ වර්ධනයට මෙන්ම දේශීය පවුල්වල පෝෂණ අවශ්‍යතා සපුරාලීමට ද විශාල දායකත්වයක් ලබා දෙයි.














