ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජූනි මස 11 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (08) නියම කළේය.
මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විත්තිකාර උදය ගම්මන්පිල මහතා සාක්ෂි කූඩුවේ සිට සිය සාක්ෂි ලබාදීම සිදු කළේය. සාක්ෂි විභාගයෙන් අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය ජූනි මස 11 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරිය නියෝග කළාය.
ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් මහතාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් මගින් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණේ පසුගිය යහපාලන රජය සමයේදීය.













