බඹරකන්ද දියඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ අද (29) සවස සංචාරය කරමින් සිටියදී අයහපත් කාලගුණය හේතුවෙන් අතරමං වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනා සාර්ථකව මුදවා ගැනීමට හල්දුම්මුල්ල පොලිසිය සමත් වී තිබේ. ධාරානිපාත වර්ෂාවත් සමඟ දියඇල්ලේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ඔවුන්ට නැවත පැමිණීමට නොහැකිව රාත්‍රිය වන තෙක් එම ප්‍රදේශයේ රැඳී සිටීමට සිදුව ඇත.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක්, දැඩි අසීරුතා මධ්‍යයේ මෙහෙයුමක් දියත් කර මෙම සිසුන් තිදෙනා නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.














