ඇෆ්ගනිස්ථානයේදී තලේබාන් සංවිධානය විසින් විනාශ කරනු ලැබූ ඓතිහාසික බාමියන් බුදු පිළිම වහන්සේ නිව්යෝර්ක් නුවරදී යළි නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ලෝක උරුමයක් ලෙස සැලකුණු මෙම දැවැන්ත බුදු පිළිම වහන්සේ විනාශ කිරීමෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට සිදු වූ අධ්‍යාත්මික හා සංස්කෘතික හානිය සිහිපත් කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
නවීන තාක්ෂණය සහ කලාත්මක නිර්මාණශීලීත්වය උපයෝගී කරගනිමින් නිව්යෝර්ක් නුවර කලාගාරයක් තුළ මෙම ප්‍රතිනිර්මාණය සිදු කෙරෙන අතර, එමඟින් අතීතයේ විනාශ වූ එම අගනා උරුමයේ අසිරිය යළිත් ලෝකයාට දැකබලා ගැනීමට අවස්ථාව උදා වේ. සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව ලෝක අවධානය යොමු කිරීම ද මෙම නිර්මාණයේ ප්‍රධාන අරමුණක් වී තිබේ.














