• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බානගල උපතිස්ස නා හිමියෝ තයිලන්තයේ පිඬුසිඟා වඩිති

18 March 2024
in දේශීය, පුවත්
බානගල උපතිස්ස නා හිමියෝ තයිලන්තයේ පිඬුසිඟා වඩිති

ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති,දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියෝ මේ දිනවල තායිලන්තයේ බෞද්ධ ජනතාවගේ අතිශය ජනප්‍රියම චරිතය බවට පත් වී ඇතැයි වාර්තා වේ.

දඹදිව සාංචි චේතියගිරි විහාරයේ 1947 සිට වසර හැත්තෑවක් පුරා තැන්පත් කර තිබෙන අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා තායිලන්තයේ දස වන රාම රජු හෙවත් වජිරලොංකෝර්න් මහරජතුමාගේ (72) හැත්තෑ දෙවන ජන්ම දින සමරුව වෙනුවෙන් තායිලන්ත හා ඉන්දීය රජයේ ඉල්ලීම පරිදි තායිලන්ත බැතිමතුන්ගේ වන්දනාව සඳහා මේ දිනවල තායිලන්තයට වැඩම කර ඇත. පසුගිය මස 24 වැනිදා තායිලන්තයට වැඩම කළ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා මාර්තු 18 වෙනිදා දක්වා බැංකොක් පහාරා (Pahara District ) දිස්ත්‍රික්කයේ සනම් ලුවාන්ගි ප්‍රදර්ශන මංඩපයේ ද (Sanam Luang pavilion) චියෑන් ප්‍රාන්තයේ (Chiang province – Ho kum Luang Royal park Rajapruek ) හෝ කුම් ලුවාන්ග් හි රාජකීය උද්‍යානයේ ද උබොන් රට්චාතානි දිස්ත්‍රික්කයේ (Ubon Ratchathsni) වට් මහා වනරාම් හි දී ද (Wat maha Wanaram ) මධ්‍යම තායිලන්තයේ වට් මහා තට් (Wat maha th යන රාජකීය මන්දිරවල මහජන ප්‍රදර්ශ මහජන වන්දනාවට තැන්පත් කරනු ලැබීය.

ඒ සෑම ස්ථානයකදීම ලක්ෂ සංඛ්‍යාත තායිලන්ත බෞද්ධ සැදැහැවතුන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට පැමිණි බව ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති,දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ
පවසති.

එසේම මෙම අග්‍රශ්‍රාවක ධාතු පූජා මහෝත්සවය පැවැත්වෙන සෑම ස්ථානයකදීම තායිලන්ත බෞද්ධ ජනතාව තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට වීදි දෙපස පෙළ ගැසී දානය පිරිනැමීම ඉතාමත්ම ගෞරවනීය දර්ශනයක් බව බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

මෙම සාංචි අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සමඟ ජපානයේ සවාරා හී ලංකා ජී විහාරයේ පූජ්‍ය යටවර පඤ්ඤාරාම හිමියෝ, ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ ලේකම් චන්න කළුගම්පිටිය මහතා ද මෙම චාරිකාවට එක් වූහ.

Post Views: 4,198
Previous Post

මෙරට මුහුදු සීමාව තුල අනවසර ඇතුලු වු ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

Next Post

හිටපු ජනපති මෛත්‍රීපාලගේ ඉල්ලීමට පොලොන්නරුවේ දරුවන්ට පාසල් පාවහන් බෙදා දෙයි

editor ttvnews

editor ttvnews

Next Post
හිටපු ජනපති මෛත්‍රීපාලගේ ඉල්ලීමට පොලොන්නරුවේ දරුවන්ට පාසල් පාවහන් බෙදා දෙයි

හිටපු ජනපති මෛත්‍රීපාලගේ ඉල්ලීමට පොලොන්නරුවේ දරුවන්ට පාසල් පාවහන් බෙදා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved