බණ්ඩාරවෙල ධර්මාශෝක විදුහලේ විද්‍යාගාරයේ අධ්‍යයන පරීක්ෂණයක් සිදුකරමින් සිටියදී සිදුවූ පිපිරීමකින් බරපතළ පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවියට සහ ඇගේ පවුලේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති අරමුදලින් මාසිකව රුපියල් 25,000ක ශිෂ්‍යත්වයක් පිරිනැමීම සිදුවිය.
පසුගිය මාර්තු මස 23 වැනි දින විද්‍යාගාරය තුළ ස්ප්‍රීට් ගින්නක් හේතුවෙන් මෙම අනතුර සිදුවූ අතර, දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් එම පවුලේ දෙවැනි දරුවා වන මෙම සිසුවිය මේ වන විට මාස කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටී. සිසුවියගේ පවුලේ ආර්ථික තත්ත්වය සහ පවුලේ සෙසු දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යාම සඳහා මව විසින් ජනාධිපති අරමුදල වෙත කළ ඉල්ලීමකට අනුව වත්මන් රජය මෙම සහනය ලබා දීමට පියවර ගත්තේය.
මෙම ශිෂ්‍යත්වය පිරිනැමීම ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ සිසිර සෙන්පති කහවත්ත මහතා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිසුවියගේ නිවසේදී සිදු කෙරිණි. බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ඉරෝශ තරංග දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.















