ලොව විශාලතම සරම්ප වසංගතයට බංග්ලාදේශය මුහුණ දී සිටින බව අමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ ලැයිස්තුවක සඳහන් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
වසංගතය පැතිරී මාස 6ක් ඇතුළත එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,002 දක්වා ඉහළ ගොස් ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත වලට අනුව පසුගිය මාර්තුවේ ආරම්භ වූ මෙම වසංගතය හේතුවෙන් ආසාදිතයන් යැයි සැක කෙරෙන ලක්ෂ 1.6කට අධික පිරිසක් සහ රෝහල්ගත කළ සැක කටයුතු රෝගීන් 146,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ. පසුගිය වසරවල නිත්‍ය එන්නත්කරණ වැඩසටහන්වලට ඇති වූ බාධා මෙම වසංගතය පුළුල් වීමට ප්‍රධාන හේතුව වී ඇති බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.














