ළමුන් ඔන්ලයින් අවදානම් වලින් ආරක්ෂා කිරීමේ පුළුල් සැලැස්මක් යටතේ, වයස අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය, වීඩියෝ හුවමාරු වේදිකා, AI චැට්බෝට් සහ ඔන්ලයින් ක්‍රීඩා භාවිතය තහනම් කිරීමට යුරෝපා සංගමය යෝජනා කිරීමට නියමිත බව යුරෝපා කොමිසමේ ලේඛනයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම යෝජනාව යටතේ වයස අවුරුදු 15 සහ ඊට වැඩි අයට පමණක් ස්වාධීන ගිණුම් ඇරඹීමට අවසර ලැබෙන අතර, වයස අවුරුදු 13 සහ 14 අතර දරුවන්ට දෙමාපියන්ගේ පාලනය යටතේ සීමිත ගිණුම් ආරම්භ කළ හැකිය. තවද, නියාමන කටයුතු සඳහා තාක්ෂණික සමාගම්වලින් අධීක්ෂණ ගාස්තුවක් අය කිරීමටත්, ළමුන්ගේ වයස් සීමා දැඩි ලෙස සත්‍යාපනය කිරීමටත් මෙම නව නීති මගින් අපේක්ෂා කෙරේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














