ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස් ඩී.එම්. සලාහුදීන් මහමුද් මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී හමුවී තිබේ. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙහිදී සුහඳ පිළිසඳරක නිරත වී ඇති අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව ඇත.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේ සූදානම පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර තිබේ. සෞඛ්‍ය සේවා සංවර්ධනයේදී වෛද්‍ය හා තාක්ෂණික දැනුම මෙන්ම අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ නව මහ කොමසාරිස්වරයා, සිය ධුර කාලය තුළ දෙරටේ දිර්ඝකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.














