ඇමරිකාවේ තම දරුවන් තිදෙනා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටින ලින්ඩ්සේ ක්ලැන්සිගේ නඩු විභාගය තීන්දුවකින් තොරව අවසන් කිරීමට විනිසුරුවරයා නිල වශයෙන් තීරණය කර තිබේ. ආරක්ෂක පාර්ශ්වය අවසන් මොහොතේ ඉදිරිපත් කළ අභියාචනයකින් අනතුරුව මෙම තත්ත්වය උද්ගත වී ඇත.
නඩු විභාගය අතරතුර ජූරි සභිකයන්ට චෝදනා සම්බන්ධයෙන් ඒකමතික තීන්දුවකට එළඹීමට නොහැකි වී තිබේ. තමන්ට ඒකමතික තීරණයකට පැමිණීමට නොහැකි වූ බව ජූරි සභිකයන් පවසා ඇත්තේ “බරපතළ කනගාටුවකින්” යුතුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව නඩු විභාගය mistrial තත්ත්වයට පත්ව ඇති අතර, චෝදනා සම්බන්ධයෙන් වරදකරු හෝ නිවැරදිකරු යන අවසන් තීන්දුවක් ලබාදී නොමැත. ඉදිරියේදී මෙම නඩුව සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර පිළිබඳව අවධානය යොමුවනු ඇති අතර, සිද්ධිය ඇමරිකානු අධිකරණ පද්ධතිය තුළ දැඩි අවධානයක් දිනාගෙන තිබේ.














