රුපියල් පනස් එක් ලක්ෂයක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බංග්ලාදේශ ජාතික ව්‍යාපාරිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බැංකොක් නුවර සිට පැමිණි මොහු කිසිදු ප්‍රකාශයක් නොකරමින් ‘හරිත මාවත’ ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ගේ සැකයට බඳුන් වී ඇත.
සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ විදෙස් නිෂ්පාදිත දුම්වැටි 34,000ක් සොයාගත් අතර, රේගු විමර්ශනයෙන් පසු එම දුම්වැටි තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් පැනවීමට පියවර ගැනිණි.














