27 April 2024
#දේශීය

හදිසියේම කලු වූ බැංකු සේවකයෝ

රජයේ හා පෞද්ගලික බැංකු සේවකයින් අද (13) කලු ඇඳුමෙන් සැරසී සේවයට වාර්ථා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව එප්පාවල මහජන බැංකුව, ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ යන බැංකු වල නිලධාරීන් කලු ඇඳුමින් සැරසී සේවයට වාර්ථා කර සිටින අයුරු දැක ගත හැකි විය.

රජයේ බදු ප්‍රථිපත්තියට විරෝධය පළ කරමින් මෙලෙස බැංකු සේවකයින් කලු ඇඳුමින් සැරසී සේවයට වාර්ථා කර තිබූ අතර, ඔවුන් සාමාන්‍යය පරිදී සේවයේ නිරත වන ආකාරය දැක ගත හැකි විය.

ඇතැම් සේවකයින් වර්ජනයට සහය නොදක්වමින් කලු ඇදුමෙන් නොව වෙනත් වර්ණ වල ඇදුමෙන් සේවයට වාර්ථා කර සිටි අයුරුද අපට නිරීක්ෂණය විය.

 

තිසර සමල්- අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *