27 April 2024
#දේශීය

සංකල්ප වලින් පමණක් රට ගොඩගන්න බැහැ – විපක්ෂනායක

සංකල්පවලින් සහ අදහස් වලින් පමණක් රටක් ගොඩ ගත නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ දෙමටගොඩ ප්‍රදේශයේ පැවති පොකුරු රැස්වීමකට සහභාගි වෙමිනි.

මේ රට ගොඩනැඟීම උදෙසා හැකියාව ඇති දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවත් සමගි ජන බලවේගය සතුව ඒ කණ්ඩායම සිටින බව හෙතෙම පැවසීය.

පොහොට්ටුවට හෝ ඊට ජැක් ගහන කණ්ඩායම් වලට ජනතාව අබියසට යාමට නොහැකි බවත් එබැවින් ඔවුන් මැතිවරණය කල් දමමින් සිටින බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

හුදෙක් කයිවාරු ගැසීම වෙනුවට,හොරු අල්ලන වැඩපිළිවෙල වැඩපිළිවෙළ සමගි ජන බලවේගය සතුව ඇති බව පැවසූ ප්‍රේමදාස මහතා ඒ වෙනුවෙන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවද අවධාරණය කලේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *