• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රූපලාවන්‍ය ශිල්පීන්ට ලංකා බැංකුවෙන් ණයක්

14 June 2018
in සංවර්ධන

යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමයේ තවත් ණය ප‍්‍රදාන කිහිපයක් පසුගිය දා නිකුත් කර තිබේ.

පේසාලේ, කටුපොත සහ පානදුර යන ලංකා බැංකු ශාඛාවලින් එක් අයෙකුට ලක්‍ෂ 5 බැගින් මෙම ණය ප‍්‍රදාන නිකුත් කර ඇති අතර එම ණය ලාභීන් තිදෙනාම රූපලාවන්‍ය කේෂ්ත‍්‍රයේ නියුතු කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් වීම සුවිශේෂය.
මෙහි පළමු ණය වාරිකය අන්තර්ජාලය තුළින් ඔන්ලයින් ක‍්‍රමයට භාණ්ඩ ගනුදෙනු කරනා තරුණයෙකුට ලබා දී තිබුණි.

මේ වන විට මෙම ණය යෝජනා සදහා සුදුසුකම් ලැබු ප‍්‍රතිලාභීන් 800ක් පමණ හදුනාගෙන ඇති අතර ඒ අතුරින් 330ක ගේ ව්‍යාපාරික සැළැසුම් සකස් කර අවසන් බවත් මෙම ණය ව්‍යාපෘතියේ වර්තමාන ප‍්‍රගතිය පිළිබදව අදහස් දැක්වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ප‍්‍රකාශ කරන ලදී.

දිවයිනේ සියළුම දිස්ත‍්‍රික්ක අතුරින් මඩකලපුව, ත‍්‍රිකුණාමලය සහ අනුරාධපුරය යන දිස්ත‍්‍රික්ක වලින් මේ සදහා වැඩිම ඉල්ලූමක් දැනට ලැබී ඇති බව අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි.

තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් උපාධියක් හෝ පිළිගත් වෘත්තිය සහතිකයක් සහිත කුඩා පරිමාණ ව්‍යවසායකයින් සදහා සහන පොලී අනුපාත යටතේ මෙම ණය ප‍්‍රදානය සිදු කරයි.

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් පසුගිය කාලය තුළ රූපලාවන්‍ය කේෂ්ත‍්‍රයේ ව්‍යවසායකයින්ගේ ගැටළු පිළිබදව සිදුකළ සමීක්‍ෂණයේ දී ලබාගත් තොරතුරු ආදියෙහි ප‍්‍රතිඵල ලෙස මෙම ණය යෝජනා ක‍්‍රමය ඇරඹුණු අතර මේ වන විට එය දිවයින පුරා විවිධ කේෂ්ත‍්‍රවල සිටින සියළුම තරුණ ව්‍යාපාරිකයින් ඉලක්ක කර ක‍්‍රියාත්මක කරයි. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීම මත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ දිවයිනේ සියළුම දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙය ක‍්‍රියාත්මක වේ.

 

 

Post Views: 13
Previous Post

ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුවට ඇමැති පාඨලි

Next Post

රනිල්ට අවාසිවන මෛත්‍රිට වාසි වන 20 ක් මේක

editor

editor

Next Post

රනිල්ට අවාසිවන මෛත්‍රිට වාසි වන 20 ක් මේක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved