• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාවට සහන දෙන්න බැසිල් අපට උපදෙස් දෙනවා – රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

26 July 2021
in සංවර්ධන

ඉන්ධන මිල අඩු වැඩි වීම රජයට කෙසේ බලපෑවත් ජනතාවට සහන ලබා දීමට රජය කටයුතු කරන බවත්, දේශපාඥයින්ගේ පටි තද කර ජනතාවට සහන ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අපට උපදෙස් ලබා දුන් බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සම්බුද්ධ සාසනයට සිය දරුවන් පූජා කළ දෙමාපියන්ට උපහාර පිණිස නිවාස ඉදිකිරීම සඳහා ආරම්භ කර ඇති “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

මෙම ව්‍යාපෘතිය සදහා මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 63 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනා චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිනි.

මෙහි පළමු අදියර යටතේ දිවයින පුරා නිවාස 2,000 ක් ඉදිකෙරෙන අතර ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 12,000 කි. නිවාස විෂයභාර අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත, බුද්ධශාසන අමාත්‍යාංශය හා එක්ව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් “මිහිඳු නිවහන ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම අවස්ථාවට විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ප්‍රාදේශීය දේශපාලනඥයින්, රාජ්‍ය නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.

Post Views: 7
Previous Post

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු වෙත්තලකේණි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

Next Post

සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත නොකරන්න – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත නොකරන්න - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved