“උරුමයට ජීවයක් – දහසක් පුරාවිද්‍යා ස්ථාන” ජාතික වැඩසටහනට සමගාමීව බටදොඹලෙන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, පූර්ව ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්වා අඛණ්ඩ ඉතිහාසයක් ඇති මෙම සුවිශේෂී පරිසර පද්ධතිය සහ ඓතිහාසික උරුමය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ලෝකයට දායාද කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතාගේ නායකත්වයෙන් සහ මධ්‍යම රජය මෙන්ම පළාත් සභාවල එකඟතාව සහිතව පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ














