දෙවැනි ස්වර්ණමය දශකයට පා තබා ඇති බ්‍රික්ස් නව සංවර්ධන බැංකුව, සියලු සාමාජික රටවල් සහ ගෝලීය දකුණේ සංවර්ධනය හා නවීකරණය සඳහා ප්‍රබල උපායමාර්ගික නියෝජිතයෙකු ලෙස කටයුතු කරන බව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් නායකයෝ පෙන්වා දී තිබේ.
බටහිර මූල්‍ය ආයතන මෙන් බරපතල කොන්දේසි වලින් තොරව සහ බටහිර ආධිපත්‍යය මත රැඳී පැවතීම අවම කරමින් කලාපීය ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීමට මෙමඟින් පුළුල් අවස්ථාවක් උදා වී ඇති අතර, ඇමරිකානු ඩොලර් බිලියන 100ක විදේශ විනිමය සංචිත එකතුවක් ඇති මෙම බැංකුව හදිසි අවස්ථාවලදී සාමාජිකයන්ට ආරක්ෂක වළල්ලක් ලෙසද ක්‍රියාත්මක වේ.














