බත්තරමුල්ලේ සීලරතන හිමියන් තමන්ට එල්ල වී ඇති මරණ තර්ජන සැලකිල්ලට ගෙන වහාම පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. දේශපාලන පක්ෂ නායකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව උන්වහන්සේ අවධාරණය කරති.
තමන් භික්ෂූන් වහන්සේ නමක ලෙස මෙරට දේශපාලන පක්ෂයක කැපවීමෙන් කටයුතු කරන බවත්, වර්තමානයේ විවිධ ස්ථානවලින් තමන්ට මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බවත් උන්වහන්සේ පවසති. 2010 වසරේ සිට 2024 දක්වා වූ කාලය තුළ කිසිදු අවස්ථාවක පොලිස් ආරක්ෂාව ඉල්ලා නොමැති වුවද, පවතින අවදානම් තත්ත්වය මත ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලමින් පොලිස් විෂය භාර අමාත්‍යවරයාට සහ ලේකම්වරයාට ලිපියක් භාර දුන් බව උන්වහන්සේ සඳහන් කළහ.එලෙස ආරක්ෂාව ලබා දීමට නොහැකි නම් වෙනත් විකල්පයක් හෝ ලබා දෙන ලෙස ඉල්ලා සිටින සීලරතන හිමියන්, අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිති.














