සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන, රැඳවුම් නියෝග මත සිටින මනෝජ් සුරංග ලියනගේ හෙවත් බටුවත්තේ චාමර නමැත්තාට අයත් සුඛෝපභෝගී වාහනයක් සහ රුපියල් ලක්ෂ 400ක් වටිනා තෙමහල් නිවසක් ඇතුළු දේපළ තහනම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කාර්යාංශය අද (3) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ දන්වා තිබේ.
සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත. සැකකරු සංවිධානාත්මකව කරන ලද අපරාධවලින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් මෙම මුදල් උපයා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් පවසා තිබේ.
















