පාසල් සිසුවෙකුට ලිංගිකව පොළඹවන සුළු අසභ්‍ය වීඩියෝ දර්ශනයක් යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ‘ළමා පොළඹවා ගැනීම’ (Grooming) යටතේ වරදකරු වූ බ්‍රිතාන්‍ය කොලොම්බියා (British Columbia) හි හිටපු පාසල් ගුරුවරියකට ඉදිරි වසර 15ක කාලය සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉගැන්වීම් කටයුතු තහනම් කර තිබේ.
අදාළ පළාතේ ගුරු විනය කොමිසම (Teacher Regulation Branch) විසින් ප්‍රකාශයට පත් කරන ලද විශේෂ සම්මුති විසඳුම් සහ අභියාචනා ගිවිසුමකට (Consent Resolution Agreement) එකඟ වෙමින් ඇය මෙම වසර 15ක තහනම පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුරු වෘත්තියට නිග්‍රහයක් වන අයුරින් සහ ළමා ආරක්ෂාව අනතුරේ හෙළමින් ඇය සිදුකර ඇති මෙම බරපතළ විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් ඇයට මෙලෙස දැඩි වෘත්තීය දඬුවම් නියම වී ඇත.














