• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හැසිරීම බලලා ලබන සදුදා සිට පොදු ප්‍රවාහනය සාමාන්‍ය පරිදි

2 June 2020
in දේශීය

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 හා මහජන හැසිරීම සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා (08) සිට දුම්රිය හා බස් රථ ඇතුලු සියලුම පොදු ප්‍රවාහණය සාමාන්‍ය අන්දමින් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

අද (02) දින පෙරවරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත් වු අතර පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා පැවැති මෙම සාකච්ඡාවට ලංගම, ජාතික ගමනාගමන කොමිසම සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහභාගි වි සිටියේය.

එහි දී ගත් තීරණ අනුව ලබන සඳුදා දින (08) දුම්රිය හා බස් රථ ඇතුලු පොදු ප්‍රවාහණ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමත්, මතුවන ගැටළු හා අභියෝගවලට මුහුණ දෙන ආකාරයත් සාකච්ඡා කරනු ලැබීය.

දැනට ලංගම බස් රථ 5300ක් පමණ හා පුද්ගලික බස් රථ 23000ක් පමණ තිබුන ද, මගී ප්‍රවාහනයේ දී එම තත්ත්වය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. මගීන්ට ආසන නොමැතිව හිටගෙන පවා යාමට සිදුවන්නේ ඒ් නිසාය. කොවිඩ් 19 නිසා ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහණය අනිවාර්යය කර තිබේ. එමනිසා සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහණ සේවා පවත්වාගෙන යාමේ දී ගැටලු රැසක් මතුවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය.

ඒ් අනුව දැනට තිබෙන පුද්ගලික හා ලංගම බස් රථ උපරිමයෙන් ධාවනය කිරීමට පියවර ගනු ලැබේ. ඊට අමතරව පාසැල් ප්‍රවාහණ බස් රථ, විනෝද හා වන්දනා ගමන් සඳහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි කිරීමේ පොරොත්තු ලේඛනයේ ඇති සියලු බස් රථ තාවකාලිකව මගී ප්‍රවාහණය සඳහා යොදවනු ලැබේ.

එම බස් රථ තාවකාලික ලියාපදංචි කිරීම හෙට දින (03) සිටම ඇරඹෙන අතර ජාතික ගමනාගමන කොමිසම හෝ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අදාල ලියාපදිංචි කිරීම් සිදු කරනු ඇත.
එමෙන්ම දුම්රියේ දිනකට මගීන් 1.47,00ක් පමණ ගමන් කරන අතර දුම්රිය තුළ ආසන ඇත්තේ 25,000ක් පමණ අඩු ප්‍රමාණයකි. දුම්රියේ ද මගීන් ප්‍රවාහණය කරනු ලබන්නේ ආසන ගණනට පමණක් වන නිසා පොදු ප්‍රවාහණය භාවිතා කිරීමේ දී හැකිතාක් තම ගමන් බිමන් අත්‍යවශ්‍ය ඒ්වා සඳහා පමණක් සීමා කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කෙසේ වුවද ප්‍රවාහණ සේවාවන් ලිහිල් කරනු ලබන්නේ සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පරිදි හා ඉදිරි දිනවල මහජනතාවගේ හැසිරීම මෙන්ම කොවිඩ් 19 රෝග තත්ත්වය සැළකිල්ලට ගනිමින් බවත් අමාත්‍යවරයා අවධාරණය කලේය.අප රටෙන් තවමත් කොවිඩ් 19 වසංගත තත්ත්වය පහව ගොස් නැත. එමනිසා නිරන්තරයෙන් සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් අනුවම කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා සියලු ප්‍රවාහණ අංශවලට දැනුම් දුන්නේය.ප්‍රවාහණ පහසුකම් සැලසීමේ දි තවදුරටත් ආරක්ෂක අංශවල සහාය ලබා ගන්නා බව ද අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගාමිනි සෙනවිරත්න මහතා ද සහභාගි විය.

 

Post Views: 8
Previous Post

කොළඹ පදික වෙළෙඳුන්ගේ දෛනික කටයුතු කොළඹ නගරාධිපතිනියගේ නිරික්ෂණයට

Next Post

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව පෙත්සම් ඉවතට

editor

editor

Next Post

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව පෙත්සම් ඉවතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved