චීනයේ බීජිං නුවර පැවැති අර්ධ මැරතන් තරගයකදී මානවරූපී රොබෝවරුන් පිරිසක් මිනිස් වේගය අභිබවා යමින් සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. මෙය රොබෝ තාක්ෂණයේ සහ කෘත්‍රිම බුද්ධියේ (AI) දැවැන්ත පිම්මක් ලෙස විදෙස් මාධ්‍ය හඳුන්වයි.
Honorr සමාගම නිපදවූ රොබෝවරයෙකු කිලෝමීටර් 21ක දුර මිනිත්තු 50යි තත්පර 26කින් නිම කරමින් ප්‍රථම ස්ථානය දිනාගත් අතර, එය වත්මන් මිනිස් ලෝක වාර්තාවට වඩා බෙහෙවින් වේගවත් වීම කැපී පෙනේ. මෙවර තරගයට එක්වූ රොබෝවරුන්ගෙන් 40%ක්ම කිසිදු බාහිර පාලනයකින් තොරව ස්වයංක්‍රීයව ධාවනය වී ඇති අතර, පසුගිය වසරේ ජයග්‍රාහී රොබෝවරයා වැය කළ කාලයට (පැය 2යි මිනිත්තු 40) වඩා විශාල වේගයකින් මෙවර තරගය නිම කිරීමට ඔවුන්ට හැකි වී තිබේ.
කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් මිනිස් ගමන් විලාසය සහ බාධක මගහැරීමේ හැකියාව මනාව ප්‍රගුණ කර ඇති මෙම රොබෝවරුන්, මිනිස් ධාවකයන් සමඟ එකම මාවතේ ඉතා දක්ෂ ලෙස තරග වැදීම ලොව පුරා දැඩි අවධානයට ලක්ව ඇත.















