ඉන්දියාවේ සහයෝගය ඇතිව ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘති තවදුරටත් ප්‍රමාද නොකර කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව ඉන්දීය රජය අවධාරණය කර තිබේ.
ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතාගේ මෙරට සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා පෙන්වා දුන්නේ, මෙම ව්‍යාපෘති සඳහා තවදුරටත් කාලය නාස්ති නොකළ යුතු බවයි. දකුණු ඉන්දියාව සහ ත්‍රිකුණාමලය අතර ඉදිකිරීමට යෝජිත ඛනිජ තෙල් නළ මාර්ගය, තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතිය සහ දෙරට අතර විදුලි පද්ධති සම්බන්ධ කිරීමේ (Grid Connection) යෝජනා මෙහි ප්‍රධාන තැනක් ගනී.
ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ත්‍රෛපාර්ශ්වික සහයෝගිතාවක් ලෙස ක්‍රියාත්මක වීමට යෝජිත මෙම වැඩපිළිවෙළ හරහා දෙරටේම ආර්ථිකයන්ට විශාල වාසි අත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතියේ සංකීර්ණභාවය මත නිශ්චිත කාල රාමුවක් මෙතෙක් තීරණය කර නොමැති වුවද, එහි ඇති උපායමාර්ගික වැදගත්කම ඉන්දීය බලධාරීන් මෙහිදී නැවතත් අවධාරණය කර ඇත.















