ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අන්තර් කාලීන බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.
ජූලි මාසයේ සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර, ලබන මස දෙවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම සියයට පහක ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කරන ලෙස එම සංගමය අපේක්ෂා කරයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ අවම බස් ගාස්තුව රුපියල් 32ක් හෝ 33ක් දක්වා වැඩි කළ යුතු බවයි.
පසුගිය මාසයේ සිදු වූ ඉන්ධන මිල වැඩීමත් සමඟ රුපියල් 25ක පාඩුවක් විඳිමින් තමන් මෙම කර්මාන්තයේ නිරත වන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.















