• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බෙල්ලන්විල වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

29 June 2023
in දේශීය

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසළ පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කෙරිණි.

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය 73 වන වරටත් අගෝස්තු 02 වනදා සිට 20වනදා දක්වා උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (28) පැවැත්විණි.

පූජ්‍ය බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ මගපෙන්වීම හා අනුශාසනා පරිදී බෙල්ලන්විල ඇසළ පෙරහර කමිටුව විසින් පූජෝත්සවයේ සංවිධාන කටයුතු සිදු කරනු ලබයි.

පෙරහර මංගල්‍ය සඳහා වාර්ෂිකව දායකත්වය ලබා දෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සම්පත් දායකත්වය මෙවර ද ලබා ගනිමින් පුණ්‍යෝත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.

1950 වර්ෂයේදී තුණුරුවන් මුල් කරගෙන කරනු ලැබූ පූජෝපහාරයක් ලෙස බෙල්ලන්විල ඇසළ පුණ්‍ය මහෝත්සවය හා පෙරහැර මංගල්‍ය වත්මන් බෙල්ලන්විල නවෝදයේ නිර්මාතෘ අපවත්වී වදාළ පූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ආරම්භ කළ අතර රටට, දැයට සෙත් පතමින් එය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී ලොකුගේ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ බෙල්ලන්විල ඇසළ පෙරහැර කමිටුවේ සාමාජිකයන් හා බෙල්ලන්විල ඇසළ පෙරහර සඳහා වාර්ෂිකව සම්පත් දායකත්වය ලබා දෙන රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Post Views: 6
Previous Post

සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් SLIM NASCO සම්මාන 9කින් පිදුම් ලබයි

Next Post

හිටපු ජනපති මෛත්‍රිපාල යාපනයේ සංචාරයක

editor

editor

Next Post

හිටපු ජනපති මෛත්‍රිපාල යාපනයේ සංචාරයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved