බෙල්ලන්වල ප්‍රදේශයේදී (25) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවකු වන “කොස් මල්ලි” නැමැත්තාගේ මාමා වන මල්ලව ආරච්චියේ නෙල්සන් සුදන් අමරසිංහ මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.
ප්‍රතිවාදී “සැන්ඩෝ” පාර්ශ්වය විසින් මෙම ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති අතර, බරපතළ තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේය. අපරාධය සිදුවී පැය කිහිපයක් ඇතුළත, ඊට සම්බන්ධ වෙඩික්කරු සහ යතුරුපැදි පැදිකරු නවගමුව ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
















