සිරියාවේ ඩෙයාර් අස්-සෝර් – දමස්කස් මහාමාර්ගයේ අල්-සුක්නා සහ පැල්මයිරා අතර ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.
අභ්‍යන්තර ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් රැගත් බස් රථයක් සහ සිවිල් වැසියන් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට මුහුණ දී ඇති අතර, තුවාලකරුවන් හුම්ස් හමුදා රෝහල වෙත යැවීම සඳහා ගිලන්රථ මෙන්ම හෙලිකොප්ටර් යානා ද යොදවා ඇත. දශකයකට අධික සිවිල් යුද්ධයක් හේතුවෙන් බිඳවැී ඇති සිවිල් යටිතල පහසුකම් සහ දුර්වල මාවත් ආරක්ෂණ ප්‍රමිතීන් මෙම මාරාන්තික අනතුරුවලට ප්‍රධාන හේතුවක් වී තිබේ.
















