පසුගිය පෙබරවාරි මාසයේදී පුහුණුවීම් අතරතුරදී පන්දුවක් මුහුණේ වැදීමෙන් තමන් මුහුණ දුන් බියකරු අත්දැකීම පිළිබඳව එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් (Ben Stokes) ප්‍රථම වතාවට අදහස් දක්වා තිබේ ඩරම් (Durham) ප්‍රාන්ත කණ්ඩායම සමඟ පුහුණුවීම්වල නිරතව සිටියදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඔහුගේ කම්මුල් ඇටයක් බිඳී ගොස් ඇති අතර ඒ සඳහා “ප්‍රධාන ගණයේ ශල්‍යකර්මයකට” ද ඔහුට මුහුණ දීමට සිදු විය
“එය ඇත්තටම භයානක තත්ත්වයක් පන්දුව වැදුණු ස්ථානය අඟල් කිහිපයක් මෙහා මෙහා වුණා නම් අද මම මේ සම්මුඛ සාකච්ඡාව දෙන්න මෙතන ඉන්න එකක් නැහැ” යනුවෙන් ස්ටෝක්ස් පවසා ඇත මෙම අනතුර හේතුවෙන් ඔහුට ක්‍රිකට් පිටියෙන් තාවකාලිකව ඉවත් වීමට සිදු වූ අතර ලබන මැයි 8 වනදා වොර්සෙස්ටර්ෂයර් (Worcestershire) කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ප්‍රාන්ත තරගයකින් නැවත පිටියට පිවිසීමට ඔහු සූදානම් වෙයි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සහ පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් සමඟ පවතින සබඳතාව පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ














