තුර්කියේ දකුණුදිග කහ්රාමන්මාරස් (Kahramanmaras) ප්‍රදේශයේ පිහිටි පාසලක අද (16) සිදුවූ වෙඩි තැබීමකින් ගුරුවරයෙකු සහ සිසුන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ දින දෙකක් ඇතුළත තුර්කියේ පාසලක සිදුවූ දෙවන වෙඩි තැබීම මෙය වන අතර මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා තහවුරු කරයි තුවාල ලැබූවන්ගෙන් හය දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ
14 හැවිරිදි වියේ පසුවන ප්‍රහාරකයා ද සිද්ධිය අතරතුර මියගොස් ඇති අතර ඔහු මෙම පාසලේම සිසුවෙකු බවට විශ්වාස කෙරේ සිය පියාට අයත් ගිනි අවි කිහිපයක් රැගෙන පැමිණ ඔහු පන්ති කාමර දෙකක් තුළදී මෙලෙස වෙඩි තැබීම සිදු කර ඇත ප්‍රහාරකයාගේ පියා හිටපු පොලිස් නිලධාරියෙකු වන අතර ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගන් මෙම ශෝකජනක සිදුවීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කර ඇති අතර සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකය














