බේරුවල ප්‍රදේශයේ කරවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ප්‍රදේශයේ කරවල වෙළෙඳසල් රැසක් වසා දැමීමට සිදුවී තිබේ. බේරුවල ධීවර වරායට ලැබෙන මත්ස්‍ය අස්වැන්න පසුගිය මාස කිහිපයේදී සැලකිය යුතු ලෙස අඩුවීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව බව ව්‍යාපාරිකයෝ පවසති.
මේ වන විට බලයා, කටුවල්ලා, ලේන පාරාව්, අඟුළුවා, මෝරා සහ මඩුවා වැනි කරවල වර්ග කිලෝවක මිල රුපියල් 3,000 සීමාව ඉක්මවා ගොස් ඇත. වෙළෙඳපොළේ ආනයනික කරවල තිබුණද, ඒවායේ ගුණාත්මකභාවය අවම මට්ටමක පවතින බැවින් පාරිභෝගිකයන් දේශීය කරවල සඳහා පවතින ඉහළ ඉල්ලුම මත මෙලෙස මිල ඉහළ ගොස් ඇත.
වෙළෙඳසල් වසා දැමීම නිසා ව්‍යාපාරිකයන් සහ සේවකයන් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින අතර, බොහෝ වෙළෙඳුන් තම ජීවනෝපාය අතහැර ත්‍රිරෝද රථ රැකියාව වැනි වෙනත් ක්ෂේත්‍ර වෙත යොමු වීමට පටන් ගෙන ඇත.
















