මෙරට ධීවර කර්මාන්තයේ සංවර්ධනය සහ අපනයන ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 76ක වියදමින් ඉදිකරන ලද නව බහුදින ධීවර යාත්‍රා දියත් මඟ (Slipway) අද (ජූනි 11) උදෑසන බේරුවලදී විවෘත කෙරිණි.
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මෙම නව දියත් මඟ හරහා මෙරට නිෂ්පාදනය කරනු ලබන බහුදින ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර යාත්‍රා කිසිදු අලාභානි සිදු නොවී ඉතා සුරක්ෂිතව සහ කඩිනමින් මුහුදට දියත් කිරීමට අවස්ථාව සැලසේ. මෙරට ධීවර යාත්‍රා නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීම මගින් ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් අපනයන ආදායම් වර්ධනය කිරීම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.
මෙම අවස්ථාව සඳහා ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















