අවිධිමත් ලෙස විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට අදාළව තමන්ට පනවා තිබූ වසර දෙකක සිරදඬුවම සහ දඩය අභියෝගයට ලක් කරමින් ශෂී වීරවංශ මහත්මිය විසින් ගොනු කර තිබූ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (ජූනි 11) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් මීට පෙර පනවන ලද දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා ඇය මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණය විසින් මෙම තීරණය ලබා දී ඇත.
















