බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසයට පෙර ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සහ ජපාන පාර්ශ්වයන් අතර එකඟතාව පළ වී තිබේ.
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ JICA ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා ප්‍රමුඛ JICA නියෝජිත පිරිසක් අතර අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය තහවුරු විය.
මෙම දෙවන පර්යන්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ නොවැම්බර් මාසයට පෙර ආරම්භ කිරීමට නියමිත අතර, ඊට අවශ්‍ය අමතර ණය පහසුකම් ලබා ගැනීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇත. පිළිගත් ටෙන්ඩර් පටිපාටිය යටතේ තෝරාගත් ඉදිකිරීම් සමාගම සමඟ සාකච්ඡා ද මේ වන විට අවසන් අදියරේ පවතී. වැඩි සංචාරකයින් සහ ආයෝජකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව වන අතර, ඊට අමතරව කොළඹ වරායේ නෞකා ගමනාගමන කළමනාකරණය සඳහා නව පද්ධතියක් ස්ථාපිත කිරීමට ද මෙහිදී සාකච්ඡා කර ඇත.














