නැගෙනහිර පළාතේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන කුමාරසිංගම් කුණනාදන් මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ. අද (08) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා විසින් මෙම පත්වීම් ලිපිය ඒ මහතා වෙත භාර දෙන ලදී. කුණනාදන් මහතා මීට පෙර නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මෙන්ම කුච්චවේලි, වෙරුගල් සහ මන්මුනෙයි උතුර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද සේවය කර ඇති ප්‍රවීණ නිලධාරියෙකි.
















