බිංගිරිය පොලිස් වසමේ පඩිවෙල ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියෙකු විසින් තම බිරිඳ තියුණු ආයුධයකින් පහර දී අමානුෂික ලෙස ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ 61 හැවිරිදි කාන්තාවකි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය 10 වන දින උදෑසන මෙම යුවළ අතර ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි. ඝාතනය සිදු කළ 59 හැවිරිදි සැකකාර සැමියා බිංගිරිය පොලිසිය විසින් වහාම අත්අඩංගුවට ගනු ලැබීය.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු බිංගිරිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු ද මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















