බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම, තද සුළං හේතුවෙන් ගස් බිඳ වැටීම් හෝ දේපළ හානි සිදුවිය හැකි බැවින් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත්, කාලගුණ අනාවැකි සහ නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් බලධාරීන් සිහිපත් කරයි.















