27 April 2024
#දේශීය

පාස්කු ත්‍රස්ත ප්‍රහාරකයින්ට දඩුවම් දෙනවා – ජනපති ගිරිබාවදී කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වු පුද්ගලයින්ට දඬුවම් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කුරුණෑගල, ගිරිබාව ප්‍රදේශයේ අද (06) පැවැති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනට එක් වෙමිනි.

විදුලි බල පහසුකම් නැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන අද (06) පෙරවරුවේ ගිරිබාව, වේරගල ගම්මානයේ දී “ගම සමග පිළිසඳරට” සමගාමීව ආරම්භ කෙරිණ.

“දැයට එළිය” වැඩසටහන මගින් විදුලිය නැති සමෘද්ධිලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින සියලු අඩු අදායම් ලාභි ජනතාවට විදුලිය සැපයේ.

විදුලි බල මණ්ඩලය නොමිලයේ විදුලි බල සබඳතාව ලබා දෙයි. නිවස වයරින් කිරීමට සමෘද්ධි බැංකුව සහන පොලියට ණය පහසුකම් සැපයීමට සැලසුම් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *