ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සෙත් පතා ආශිර්වාද පූජාවක් ඊයේ (24) නුවරඑළිය, හග්ගල සීතා අම්මන් කෝවිලේදී පවත්වා තිබෙනවා.
නුවරඑළිය ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් පිරිසක් විසින් මෙම ආශිර්වාද පූජාව සංවිධානය කර තිබූ බව සඳහන්.
මෙහිදී නාමල් රාජපක්ෂ මහතාට සෙත් පතා ආශිර්වාද කිරීම සඳහා ආගමික වතාවත් සිදුකර තිබෙනවා.














