22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී තිබෙනවා.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) ආරම්භ වූ අතර, එම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පසුගිය 22 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එහිදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් එය සම්මත කිරීම ප්‍රමාණවත් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණා.
එමෙන්ම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.














