වසර 100කට අධික ඉතිහාසයකට හිමිකම් කියන මහනුවර පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය යළි ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. 2014 වසරේදී මෙම බන්ධනාගාරය ඉවත් කිරීමෙන් පසු කාලයක් තිස්සේ වල් බිහිවී තිබූ අතර, මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඛේදවාචකයෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.
මේ වන විට පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රැඳවියන් යොදවා මෙම බන්ධනාගාර පරිශ්‍රයේ ඇති වල් බිහිවූ ස්ථාන එළිපෙහෙළි කිරීමේ සහ අබලන් ගොඩනැගිලි ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු බන්ධනාගාර පරිපාලනය විසින් සිදු කරනු ලබයි. දිරාපත් වී ඇති අබලන් ගොඩනැගිලි ගලවා ඉවත් කර, ඒවා නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහාද රැඳවියන්ගේ ශ්‍රමය උපයෝගී කරගන්නා බව වාර්තා වේ.
















