ඩෙංගු මදුරු දෂ්ටනයෙන් පාසල් සිසුන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව, පාසල් වේලාව තුළ සිසුන්ගේ සාමාන්‍ය නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි සුදුසු ඇඳුම් ඇඳීමට සිසුන්ට අවසර ලබා දෙන ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී ඇත.
මීට අමතරව, නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ශක (Mosquito Repellents) භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව සිසුන්ව දැනුවත් කරන ලෙසද අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
















